මත්තුමගල ගම්පියසේ වසිය දොළහේදී ඇරඹෙන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව දැයේ දූ පුතුන්ගේ ගුණ නැණ පාදන තෝතැන්න වූයේ කරුණාරත්න යසේ වර්ෂ එක්දබෞද්ධ මහා විද්‍යාලය නමිනි. භූමි හා ධන පරිත්‍යාගයෙන් ඔද වැඩී ගිය වපසරියක් තුළ සියවසකට වඩා පැරණි විරාජමාන වූ කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය අදටත් යුග මෙහෙවර මෙහෙවරෙහි යෙදී සිටී.
විසිවන සියවසේ ආරම්භයත්, මත්තුමගල බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ආරම්භයත් බොහෝ දුරට සමාන වන්නේය. කොළඹ මාර්ගය දෙපස කරුණාරත්න රාළහාමිට අයත් අක්කර 80 ක ඉඩමක් පැවතුණි. මෙම පාඨශාලාවේ ආරම්භක භූමිය මත්තුමගල ගම්මානය කේන්ද්‍රස්ථානය කරගෙන පිහිටි බවට පිළිගන්නා මතයකි. එදා මෙම පාසල පිහිටුවීමට භූමිය පරිත්‍යාග කරන ලද්දේ සත්ගුණවත් බෞද්ධයකු වූ වර්ලිස් කරුණාරත්න මහතාය.එම ඉඩමෙහි ඔහුගේ සොහොයුරෙකු වූ ජුවානිස් කරුණාරත්න මහතා විසින් පාසල ආරම්භ කළ බව ද පිළිගන්නා මතය වී තිබේ.
ආරම්භයේ දී ආචාර්ය මණ්ඩලය දෙදෙනෙකුට සීමා වූ අතර සිසුන් හතළිහකට නොවැඩි විය. එහිදී බාලාංශයේ සිට හයවැනි ශ්‍රේණිය දක්වා පන්ති පවත්වන ලදි. එකම ගොඩනැගිල්ලක් වූ මෙම පාසල ටී.බී.එස්. ආයතනය යටතේ තිබුණ ද, පාසලේ නඩත්තුව සඳහා ආයතනයෙන් ලබා දෙන මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් ඒ සඳහා කරුණාරත්න රාළහාමිගේ පෞද්ගලික මුදල් ද යෙදවීමට සිදුවිය. වර්ෂ 1912 දී කරුණාරත්න රාළහාමි විසින් තම සොහොයුරාගේ ඉඩමෙන් පාසල ඉවත් කොට, තම ඉඩමට පාසල ගෙන එන ලදි. එම ඉඩම අද අප පාසල පිහිටි භූමියයි. ඒ අනුව වර්තමාන පාසල 1912 දී මෙම භූමියෙහි ආරම්භ විය. එතැන සිට මෙය මත්තුමගල කරුණාරත්න බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් හැදින්විණි. ඒ සමගම 7 වැනි සහ 8 වැනි ශ්‍රේණි දක්වා පන්ති ප්‍රමාණය වැඩිවුණි. 1912 දී පාසල ආරම්භ කළ බවට එකම සාක්ෂිය වන්නේ පාසල අදත් දක්නට ලැබෙන මුල් ගලය. මෙම මුල් ගල දෙස විමසිල්ලෙන් බලන අයකුට එහි අංක 02 සදහන් කර ඇති බව පෙනේ. එයින් අදහස් වන්නේ මෙම පාසල කරුණාරත්න මහතාගේ දෙවන පරිත්‍යාගය වන බවය. මෙරට බෞද්ධ පාඨශාලා ඇරඹීමට, පවත්වාගෙන යාමට කෙනෙක් කටයුතු කළා දැයි කිවහොත් මෙතුමාට සබඳකම් ඇති ප්‍රදේශවල කරන ලද සේවා වලින් පැඇදිලි වේ. ඒ අනුව මීරිගම කොටදෙනියාව ගම්මානයේ බෞද්ධ මිශ්‍ර පාසලක් පිහිටුවා ඇත. එය අංක 01 ලෙසද , අප පාසල අංක 02 ලෙසද ප්‍රකට විය.
කරුණාරත්න බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු දන්නා පුද්ගලයෙකි; වික්‍රමසිංහ ලොකු ඉස්කෝලෙ මහත්මයා. මෙතුමා ජීවත්ව සිටින කාලයේ දී මෙම පාසලේම ගුරු මහත්මයෙකුට පාසල පිළිබඳව කරන ලද විසතරයක දී 1912 පාසල් ගොඩනැගිල්ල තිබූ ආකාරය පෙන්වා ඇත්තේ මෙසේය.
1 ශ්‍රේණියේ සිට 8 වැනි ශ්‍රේණිය දක්වා මෙහි පන්ති පවත්වන ලදි. වර්තමාන කාර්යාල ගොඩනැගල්ලෙහි පැත්තක දිස්වන මුල්ගල ඉහත සඳහන් ගොඩනැගිල්ලේ සවිකර තිබූ අතර අද පාසලේ ක්‍රීඩා පිටිය පිහිටා ඇති ප්‍රදේශයේ ගොඩනගා තිබුණි.
මේ ආකාරයට අලුත් ගොඩනැගිල්ලේ පන්ති පැවැත්වීමත්, පාසලේ නඩත්තුවත් සුපුරුදු පරිදි කරුණාරත්න රාළහාමි අඛණ්ඩව සිදු කරගෙන යන ලදි. එහෙත් 1921 දී ඔහුගේ අභාවය හේතු කොට ගෙන එම සේවය නතර වන ලදි. ඉන්පසු ඔහුගේ පුත්‍රයා වූ දොන් චාර්ලිස් කරුණාරත්න මහතා විසින් තම පියා මෙන්ම පාසලේ වැඩ කටයුතු සොයා බලන ලදි. ඒ අනුව බී.ටී.එස්. ආයතනයට පාසල පවරා ගන්නා තෙක් දොන් චාර්ල්ස් කරුනාරත්න මහතා ද පාසල වෙනුවෙන් අනගි සේවාවක් ඉටු කරන ලදි.
බී.ටී.එස්. ආයතනය කෙලින්ම පාසල පවරා ගැනීම 1928 දී සිදු විය. මේ වන විට පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කළේ බී.ඩී. වියෝලිස් මහතාය. මෙතුමා නුපුහුණු ගුරුවරයෙක් විය. එකල පැවති නීතිය අනුව ප්‍රාරම්භ විභාගයට සිසුන් ඉදිරිපත් කිරීමට පුහුණු ගුරුවරයෙක් අවශ්‍ය විය. මෙම අවශ්‍යතාවය ඉටු කිරීමට කරුණාරත්ම මහතා ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 1930 දී පාසලට නව යුගයක් උදාවිය.
|
ආරම්භ කළ වර්ෂය |
1912 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
40 |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
1 |
|
පාසලේ නම |
බප/ කැළ කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
කරුණාරත්න මහතා |










