බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

සියපත් සුවඳ

KBC ICTA FILM FIESTA

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

මාධ්‍ය ඒකකයේ සභාපතිධූරය සදහා ඡන්ද විමසීම

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

තිළිණි එදිරිසිංහ මිය

පාසලේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිනිය වශයෙන් ඉමහත් සතුටින් පාසලේ වෙබ් අඩවියට සුබ පැතුම් එක්කරමි.
බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය සියවසකට අධික කාලයක් මත්තුමගල ජනතාවට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටම විවිධ ක්ෂේත්‍රවල ශ්‍රේෂ්ඨයින් විශිෂ්ටයින් දායාද කළ කීර්තිමත් බෞද්ධ පාසලක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.
පසුගිය කාලය පුරාවටම සේවය කළ විදුහල්පතිවරුන් ගුරුවරුන් මෙන්ම අධ්‍යාපනය ලද සිසුන්  ඇතුලු පාසලේ  අභ්‍යන්තර ප්‍රජාවද  අධ්‍යාපන බලධාරීන්, දෙමාපියන් මෙන්ම සුබ පතන්නන් ඇතුළු  පාසලට හිතැති බාහිර ප්‍රජාවගේ අප්‍රමාණ වෙහෙස මහන්සිය මෙම පාසල වත්මන් තත්ත්වය දක්වා රැගෙන ඒමට පිටුබලයක් වී ඇත.

පූර්ණ පෞරුෂයෙන් හෙබි පුරවැසියෙකු බිහි කිරීමේ දැක්ම පෙරදැරි කර ගනිමින් විධිමත් විෂය මාලාව ,විෂය සමගාමී,විෂය බාහිර ක්‍රියාකාරකම්,ඔස්සේ සංවිධානාත්මකව සැලසුම් සහගතව ඉදිරියට ගමන් කරන අප පාසල ,පාසලේ සමස්ත සිසුප්ප්‍රජාව වෙනුවෙන් අනාගත නවීන අවශ්‍යතාවයන්ට මෙන්ම විසි එක්වන සියවසට ගැලපෙන දැනුම ආකල්ප කුසලතා ලබාගැනීමේ මං විවර කරමින් සිටී.
අනාගත රත්නාකරයෙන් ලෝකයම දිනන විශිෂ්ට ගුණාංගවලින් හෙබි විශිෂ්ටයන් බිහිවේවායි සුභ පතමි
 

තිළිණි එදිරිසිංහ මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය .