බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

සියපත් සුවඳ

KBC ICTA FILM FIESTA

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

මාධ්‍ය ඒකකයේ සභාපතිධූරය සදහා ඡන්ද විමසීම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)

  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

 

පිරිමි ළමුන් (10-13)

  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙළවර පැලදිය යුතුය.
  • සුදු මේස් හා සපත්තු වර් ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන්  පැළදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අඟල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැළදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
  • 10-11 සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ

.

 

ගැහැණු ළමුන් (6-13)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • කොණ්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කොණ්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • බද පටිය අඟල් 2කට නොවැඩි විය යුතුය.