බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

සියපත් සුවඳ

KBC ICTA FILM FIESTA

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

මාධ්‍ය ඒකකයේ සභාපතිධූරය සදහා ඡන්ද විමසීම

    • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියාකල යුතු ය. අවසරයකින් තොරව පෙ.ව. 6.45 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
    • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියලුම දරුවන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
    • සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
    • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
    • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. 
    • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
    • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. 
    • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
    • පාසල නියෝජනය කරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් හෝ නිසි අවසරය සහිත ඇදුමකින් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.