බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

සියපත් සුවඳ

KBC ICTA FILM FIESTA

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

මාධ්‍ය ඒකකයේ සභාපතිධූරය සදහා ඡන්ද විමසීම

විදුහල්පති පණිවිඩය

කේ.ඒ.නිජාමලී පාලිකා මිය

සියවසක් පැරණි කරුණාරත්නයෙන් නව දියුණු ලොව වෙත පිය නගනා දූ දරුවෝ.......                    

වර්ෂ  1912 ස්ථාපිත වූ කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය මේ වන විට වසර සියයකටත් වඩා වැඩි ගමන් මගක් පසු කරමින් අද වන විට ප්‍රදේශයේ පමණක් නොව ජාතික ජාත්‍යන්තර මට්ටමේද දිදුලන පාසලක් බවට පත්ව තිබේ.මිශ්‍ර පාඨශාලාවක් ලෙසින් වැජඹෙන අප පාසල මේ වන විට අධ්‍යාපනික මට්ටමින් පමණක් නොව ක්‍රීඩා සෞන්දර්ය විෂය සමගාමී ක්‍රියාකාරකම් ඔස්සේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත්ව තිබේ

තවද සෑම වර්ෂයකම පාහේ  සමස්ත ලංකා එල්ලේ,කරාතේ,ක්‍රිකට්,චිත්‍ර හා නාට්‍ය ශුරතාවයන්ද දිනාගෙන ඉදිරියට යන අප දරුවෝ කරා තේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය දිනාගෙන ඇත.

හැදුනු නිවුණු පිරුණු දරු පිරිසක් බිහිකිරීම දැක්ම කරගත් අප පාසල සාරධර්ම හා බෞද්ධ ආභාසයන්ගෙන් සපිරි  දරුවන් පුරුදු පුහුණු කරනා තෝතැන්නක් බවට පත්වී ඇත

තවත් ඉදිරියට යමින් අද වන විට වෙබ් අඩවියක් හරහා අප පාසලේ අනන්‍යතාවය ජාතික හා ජාත්‍යන්තර මට්ටමකට ගෙන යාමට අපගේ තොරතුරු සන්නිවේදන ඒකකයේ  කුමාරි දිසානායක ගුරු මහත්මිය ප්‍රමුඛ දූපුතුන් මේ දරන ලද වෑයම සාර්ථක වේවායි වත්මන් විදුහල්පතිනිය හැටියට මම සුභ පැතුම් එකතු කරමි.  

 

කේ.ඒ.නිජාමලී පාලිකා මිය
විදුහල්පති
බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය.