බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

School Notice Board

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

වෙසක් අසිරිය

පරිසර නියමු කමිටුව

පරිසර නියමු කමිටුව

මධ්‍යම පරිසර අධිකාරියේ උපදේශකත්වයෙන් හා විදුහල්පතිතුමියගේ මගපෙන්වීම යටතේ පාසලේ ක්‍රියාත්මක වන පරිසර නියමු කමිටුවේ වර්තමාන සාමාජික සාමාජිකාවන් ප්‍රමාණය 50 ක් පමණ වේ. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්  සක්‍රීය ලෙස අදාල ක්‍රියාකාරකම් වල නිරත වේ. පාසල තුළ පරිසර නියමු කණ්ඩායමට අදාළ දේශන ලබාදීම හා අදාළ ක්‍රියාකාරකම් සඳහා මගපෙන්වීම කරනු ලබන්නේ ලක්මිණි බෝයගොඩ ගුරුතුමිය විසිනි. 


පරිසර නියමු කණ්ඩායමට සම්බන්ධ වන දරුවකු හට අදාල ක්‍රියාකාරකම්

සම්පූර්ණ කිරීමෙන් පසු පිළිවෙලින් පහත පදක්කම් ලබාගත හැක.


1. පරිසර නියමු පදක්කම
2. හරිත පදක්කම 
3. රජත පදක්කම
4. ස්වර්ණ පදක්කම
5. ජනාධිපති පදක්කම

දැනට අප පාසලේ පරිසර නියමු කණ්ඩායමේ පරිසර නියමු පදක්කම්ලාභී, හරිත පදක්කම්ලාභී හා රජත පදක්කම්ලාභී දරුවන් රැසක් සිටි.


පරිසර නියමු කණ්ඩායම විසින් කරනු ලබන වැඩසටහන් 


1. පාසලේ ඔසු උයනේ පැල සිටුවීම
2. පරිසර දිනය නිමිත්තෙන් චිත්‍ර තරඟ, පෝස්ටර් තරඟ හා දැනුම මිනුම තරඟ සංවිධානය කිරීම
3. රුක් රෝපණ දිනය නිමිත්තෙන් පාසලේ පැල සිටුවීම
4. ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීම