පරිසරය නියමු අභිසෙස් 2024 යන තේමාව යටතේ අප පාසලේ පරිසර කමිටුවෙ සාමාජික සාමාජිකාවන්ගේ නිල ලාංජන පැලදවීමේ උළෙල සඳහා පරිසර කමිටුවෙ දරු දැරියන් සූදානම් වන ආකාරය.
උසස් පෙළ සිසුන් සදහා අයදුම් පත්‍ර කැදවීම ආරම්භ කර ඇත
6 ශ්‍රේණියේ සිසුන් සදහා අයදුම් පත්‍ර කැදවීම ආරම්භ කර ඇත


අප පාසල යලිත් වරක් ජාත්‍යන්තර කීර්තියට ගෙනායාමට විද්‍යාලයේ නවෝත්පාදන ඒකකයේ ලිතුල තෙව්සර පුතණුවන් සූදානම් වෙමින් පවතී. ඒ අනුව වගාවට හානි කරන රිලවුන් සහ අලි ඇතුන් එළවීම සඳහා නව තාක්ෂණය භාවිත කරමින් බහු උපාංගික නිපැයුම් යන්ත්‍රයක් බිහි කර ඇත. මෙය එළිදැක්වීම හා ජනමාධ්‍යයට මුදාහැරීම ජනවාරි තුන සිකුරාදා දින විද්‍යාලයේදී සිදු කිරීමට කටයුතු සම්පාදනය කරමි. මෙම නිර්මාණය ඉදිරියේදී පේටන් බලපත්‍රය සහ ලංකාවේ ප්‍රචලිත උපකරණයක් වනු ඇතැයි සිතන අතර එම පුතණුවන්ට සුභාශිංෂණ ගෙන එමි. 🌹🌹
විද්‍යාලීය විද්‍යා සංගමය මගින් සංවිධානය කිරීමට යෙදුණු අහස නිරීක්ෂණ කඳවුර 2024 සැප්තැම්බර් මස 27 දින රාත්‍රිය පුරාවට විද්‍යාලීය පරිශ්‍රයේදී
අති සාර්ථක ලෙස පවත්වන ලදී.
🌠 ගරු විදුහල්පති තුමියගේ මගපෙන්වීම යටතේ සුජීවී බුද්ධිකා නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ සම්බන්ධීකරණයෙන් කොළඹ නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
🌠 විද්‍යා සංගමය භාරව කටයුතු කරන නදීෂානි ගුණවර්ධන ගුරුතුමියගේ හා විද්‍යා සංගමයේ දරුවන්ගේ අසීමිත කැපකිරීම් හමුවේ එම වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි විය.
🌠 කවදත් එකාවන්ව උරෙනුර ගැටෙමින් ඊට සහයෝගය දැක්වූ පාසලේ විද්‍යා විෂය උගන්වන සියලුම ගුරු භවතුන් හා උසස් පෙළ විද්‍යා අංශයේ දරුවන්ට ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.
🌠 විද්‍යාලීය හය නවය පන්තිභාර ගුරුභවතුන් දරුවන් ඒ සඳහා යොමු කිරීම පිළිබඳව දක්වන ලද සහයෝගය ඉතා අගය කොට සලකමි.
🌠 විද්‍යාලීය තාක්ෂණ අංශයේ ගුරු භවතුන්, සෞන්දර්ය අංශයේ ගුරු භවතුන් රාත්‍රිය පුරාවට සංග්‍රහ කටයුතු වලින් සහාය දක්වන ලදී. ඒ පිළිබඳව ස්තුතියි ප්‍රකාශ කර සිටිමි.
🌠 විද්‍යාලීය මාධ්‍ය අංශය භාරව කටයුතු කරන ධනංජය වෛද්‍ය සේකර ගුරු මහත්මා ඇතුළු එම ඒකකයේ දරුවන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙමින් එම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වීම පිළිබඳව ස්තුතිය පළ කර සිටිමි.
🌠 රාත්‍රිය පුරාවට දරුවන්ගේ ආරක්ෂාව සලසා දෙමින් ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් ලබාදුන් සහයෝගය ඉතා අගය කොට සලකමි. එම ඒකකය භාර චමින්ද ජයසිංහ ගුරු මහත්මාටත්, ෆෙනීනා ඔන්ඩච්චි මහත්මියටත් ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.
🌠 එම අවස්ථාවට පැමිණ අප හා සම්බන්ධ වූ පාසලේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.
🌠 විද්‍යාලීය අනධ්‍යන අංශයේ
සියලූම මහත්ම මහත්මීන් විසින් දක්වන ලද සහයෝගයට ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.
🌠 විද්‍යාලීය ඡායාරූප සංගමය මගින් ඡායාරූප ගත කිරීමෙන් දක්වන ලද සහයෝගය ඉතා අගය කොට සලකමි.
© 2026 බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය - කැලණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk