බප/කැල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය

සියපත් සුවඳ

KBC ICTA FILM FIESTA

උසස් පෙළ අයදුම්පත් කැඳවීම

6 ශ්‍රේණියේ අයදුම්පත් කැදවීම

මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ගැනීම

මාධ්‍ය ඒකකයේ සභාපතිධූරය සදහා ඡන්ද විමසීම

පරිසරය නියමු අභිසෙස් 2024

පරිසරය නියමු අභිසෙස් 2024 යන තේමාව යටතේ අප පාසලේ පරිසර කමිටුවෙ සාමාජික සාමාජිකාවන්ගේ නිල ලාංජන පැලදවීමේ උළෙල සඳහා පරිසර කමිටුවෙ දරු දැරියන් සූදානම් වන ආකාරය.

Latest News

නවෝත්පාදන ඒකකයේ ලිතුල පුතුගේ නව නිර්මාණය 2024

අප පාසල යලිත් වරක් ජාත්‍යන්තර කීර්තියට ගෙනායාමට විද්‍යාලයේ නවෝත්පාදන ඒකකයේ ලිතුල තෙව්සර පුතණුවන් සූදානම් වෙමින් පවතී. ඒ අනුව  වගාවට හානි කරන රිලවුන් සහ   අලි ඇතුන් එළවීම සඳහා  නව තාක්ෂණය භාවිත කරමින්  බහු උපාංගික  නිපැයුම් යන්ත්‍රයක් බිහි කර ඇත. මෙය එළිදැක්වීම  හා ජනමාධ්‍යයට මුදාහැරීම  ජනවාරි තුන සිකුරාදා දින  විද්‍යාලයේදී සිදු කිරීමට කටයුතු සම්පාදනය කරමි. මෙම නිර්මාණය ඉදිරියේදී පේටන් බලපත්‍රය සහ ලංකාවේ ප්‍රචලිත උපකරණයක් වනු ඇතැයි සිතන අතර   එම පුතණුවන්ට සුභාශිංෂණ ගෙන එමි. 🌹🌹

                                        

අහස නිරීක්ෂණ කඳවුර 2024

විද්‍යාලීය විද්‍යා සංගමය මගින් සංවිධානය කිරීමට යෙදුණු අහස නිරීක්ෂණ කඳවුර 2024 සැප්තැම්බර් මස 27 දින රාත්‍රිය පුරාවට  විද්‍යාලීය පරිශ්‍රයේදී
අති සාර්ථක ලෙස පවත්වන ලදී.


🌠 ගරු විදුහල්පති තුමියගේ මගපෙන්වීම යටතේ සුජීවී බුද්ධිකා නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ සම්බන්ධීකරණයෙන් කොළඹ නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
🌠 විද්‍යා සංගමය භාරව කටයුතු කරන නදීෂානි ගුණවර්ධන ගුරුතුමියගේ හා විද්‍යා සංගමයේ දරුවන්ගේ අසීමිත කැපකිරීම් හමුවේ එම වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි විය. 
🌠 කවදත් එකාවන්ව උරෙනුර ගැටෙමින් ඊට සහයෝගය දැක්වූ පාසලේ විද්‍යා විෂය උගන්වන සියලුම ගුරු භවතුන් හා උසස් පෙළ විද්‍යා අංශයේ දරුවන්ට ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.
🌠 විද්‍යාලීය හය නවය පන්තිභාර ගුරුභවතුන් දරුවන් ඒ සඳහා යොමු කිරීම පිළිබඳව දක්වන ලද සහයෝගය ඉතා අගය කොට සලකමි.
🌠 විද්‍යාලීය තාක්ෂණ අංශයේ ගුරු භවතුන්, සෞන්දර්ය අංශයේ  ගුරු භවතුන් රාත්‍රිය පුරාවට සංග්‍රහ කටයුතු වලින් සහාය දක්වන ලදී. ඒ පිළිබඳව ස්තුතියි ප්‍රකාශ කර සිටිමි.
🌠 විද්‍යාලීය මාධ්‍ය අංශය භාරව කටයුතු කරන ධනංජය වෛද්‍ය සේකර ගුරු මහත්මා ඇතුළු එම ඒකකයේ දරුවන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙමින් එම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වීම පිළිබඳව ස්තුතිය පළ කර සිටිමි. 
🌠 රාත්‍රිය පුරාවට දරුවන්ගේ ආරක්ෂාව සලසා දෙමින් ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් ලබාදුන් සහයෝගය ඉතා අගය කොට සලකමි. එම ඒකකය භාර චමින්ද ජයසිංහ ගුරු මහත්මාටත්, ෆෙනීනා ඔන්ඩච්චි මහත්මියටත් ස්තුතිය ප්‍රකාශ කර සිටිමි. 
🌠 එම අවස්ථාවට පැමිණ අප හා සම්බන්ධ වූ පාසලේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.
🌠 විද්‍යාලීය අනධ්‍යන අංශයේ 
සියලූම මහත්ම මහත්මීන් විසින් දක්වන ලද සහයෝගයට ස්තුතිය ප්‍රකාශ කර සිටිමි. 
🌠 විද්‍යාලීය ඡායාරූප සංගමය මගින් ඡායාරූප ගත කිරීමෙන් දක්වන ලද සහයෝගය ඉතා අගය කොට සලකමි.

2024 මාධ්‍ය චාරිකාව

 අතිශය සාර්ථක මාධ්‍ය සංචාරයක අත්දැකීම් සමග මෙම මහඟු කාර්ය සඳහා මා හට නිබඳ ශක්තිය වූ ගරු විදුහල්පතිතුමියට පළමු කොට මා ස්තූතිවන්ත වෙමි.ඒ සමගම දිරිගැන්වූ නියෝජ්‍ය විදුහල්පති මහත්ම මහත්මීන් සහ සියලුම සහෝදර ගුරු මහත්ම මහත්මීන්ට ස්තුතිය පුද කරමි.පේරාදෙණිය විශ්ව විද්‍යාල නැරඹීම් කාර්යයේදී මෙම දිනවල එම භූමිය උපාධි ප්‍රධානෝත්සව වලට සූදානම්ව තිබියදීත් එවැනි අවස්ථාවකත් අප වෙත එය කිසිදු බාධාවකින් තොරව නැරඹීම සඳහා අවස්ථාව සලසා දෙන ලද්දේ  අපේ *සෆ්රාස් ගුරු සොයුරාගේ මැදිහත්වීමෙනි. ස්තුතිය පුද කරමි.මා සමග ගමනට එකතු වෙමින් මට ශක්තිය දුන් අනධ්‍යයන සේවක මඩුල්ලේ සුසන්තා ට්‍රෙවීනා සහ දිමන්ත ඔබ සැමටද තුති පුදමි.සියලුම දෙමව්පියන් මට ශක්තියක් වූවා සේම ඔවුන්ගේ පෞද්ගලික වාහන වලින්ද අප සමග පැමිණෙමින් මෙම අත්දැකීමට එකතු විය.මගේ හදවතේ රැඳුණු මාධ්‍ය දූ පුතුන් මේ වෑයම ඉතා සාර්ථක කර ගැනීමට පුදුමාකාර සහයෝගයක් මා හට නිතැතින් ලබා දුන්හ.අවසන මතකයන් රැසක සටහන් තබමින් 2024 මාධ්‍ය චාරිකාව මෙසේ නිම වූ වග දන්වා සිටිමි.🙏

 

- නන් දෙසින් ඇසේ මාධ්‍ය අංශ භාර,

ඩී.පී.වෛද්‍යසේකර මයා